දිවිමඟ සරුකර ගනිමු
බුදුරජාණන් වහන්සේ මේ කාරණය මුල්කොටගෙන නුවණැති පුද්ගලයා තමන් නිසා හෝ අනුන් නිසා හෝ පව්කම් නොකරන බව අවධාරණය කළහ. පව්කම්, වැරැදි දුෂ්චරිත නරක ගති සිරිත්වල යෙදෙනවුන්ට කර්මය, කර්මඵල විපාක ලැබෙන බව තේරුම්ගෙන වැරැදි කළ අයට විපාකද විඳින්නට සිදුවන බව මෙනෙහිකොට තම දිවිපෙවෙත සුචරිතවත්ව දැහැමෙන් සෙමෙන් ගත කළ යුතු බව මින් අවධාරණය කෙරේ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
න අත්තහේතු න පරස්ස හේතු
න පුත්තමිචෙඡ න ධනං න රට්ඨං
න ඉචෙඡය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා
(ධම්මපදය පණ්ඩිත වග්ග)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
න අත්තහේතු න පරස්ස හේතු
න පුත්තමිචෙඡ න ධනං න රට්ඨං
න ඉචෙඡය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා
(ධම්මපදය පණ්ඩිත වග්ග)
පින්වත්නි
තෙරුන්ගේ පුරාණ භාර්යාවද දැන් ගිහිගෙයි විසීමෙන් මට ප්‍රයෝජනයක් නැතැයි සලකා මහණ වී බණ භාවනා කොට නොබෝ දිනකින් රහත් වුවාය. දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූහු ධම්මික උපාසක තෙමේද ධර්මයෙහි පිහිටා මහණව රහත්ව අඹුදරුවන්ටද මෙම ශාසනයෙන් පිහිට ලබාදෙන ලද්දේ යැයි කථා කළ සේක.
බුදුරජාණන් වහන්සේ මේ කාරණය මුල්කොටගෙන නුවණැති පුද්ගලයා තමන් නිසා හෝ අනුන් නිසා හෝ පව්කම් නොකරන බව අවධාරණය කළහ. පව්කම්, වැරැදි දුෂ්චරිත නරක ගති සිරිත්වල යෙදෙනවුන්ට කර්මය, කර්මඵල විපාක ලැබෙන බව තේරුම්ගෙන වැරැදි කළ අයට විපාකද විඳින්නට සිදුවන බව මෙනෙහිකොට තම දිවිපෙවෙත සුචරිතවත්ව දැහැමෙන් සෙමෙන් ගත කළ යුතු බව මින් අවධාරණය කෙරේ.
අධාර්මිකව ලබන, උපදන වස්තුව ධනය වැඩිකල් රඳා නොපවතී. යස ඉසුරු ධන සම්පත් තාවකාලිකසේ දැන නුවණැති පිරිස සිල්වන්තකම, ගුණවන්තකම, ඤාණවන්ත බව ආරක්ෂා කොට දෙලොව ජයගන්නට වෙර දරන බවද මින් පැහැදිලි වේ.
දස කුශල ධර්ම පදනම්කොට ගෙන සතර මඟ සතර ඵලයන්ට පැමිණෙන්නට ඔබ අප්‍රමාදව නිවැරැදි යහපත් ක්‍රියා කිරීමට කැපවෙන්න. අප වෙහෙස මහන්සි වී ධනය රැස්කරන අතර ශරීර අංග ආරක්ෂා කරනු වස් වියදම් කරන්නේය. ජීවිතය රැකගැනීමට ඒ රැකගත් ශරීර අංගයන්ද ඉවත් කිරීමට සිදුවීමට පුළුවන. ගුණ නැණ දෙකින් යුතුව ධාර්මිකව ජීවිත ගතකරන තැනැත්තා ලෝක සාධාරණත්වය සඳහා අඟපසඟ මතු නොව ජීවිතයද පරිත්‍යාග කෙරේ. එහෙයින් සියල්ල එදිනෙදා පරිහරණයට පමණෙකි. ධර්මයෙන් තම දිවිමග සරුකර ගැනීමමයි වැදගත් වන්නේ.
තෙරුවන් සරණයි!
http://sri-kaweeshwara.blogspot.com/
No comments:
Post a Comment
ඔබගේ කාරුණික අදහස ලියන්න