ආධි කර්තෘන් වහන්සේ


ආධි කතෘන් වහන්සේ  පිළිබද සටහනක්


නම:- ඇම්,යු,ශ්‍රී, කවීශ්වර නායක ස්වාමින් වහන්සේ



තනතුර :- නාවලපිටිය ශ්‍රී කවීශ්වර  වේළුවනාරාමාධිපති, ශ්‍රී සුගත සද්ධර්මවාගීශ්වර,ආභිධම්මිකාචාර්ය, මහෝපාධ්‍යාය, කන්ද උඩරට ප්‍රධාන සංඝ නායක ස්වාමින් වහන්සේ


ශාසනික සේවාව
     
             1890 - 09 -02 වෙනි දින මිමනදී උපත ලබා 1905 දී පැවිදි බිමට පා තබා 1910.05.10 වෙනි දින බුරුම රටේදී ගෞරවාර්හ  ඇම්,යු ,ශ්‍රී, විනයාලංකාර ස්වාමින් වහන්සේගේ අචාර්ය උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබුහ. උපසපන් භික්ෂුවක් වශයෙන් ලංකාවට වැඩම කොට      1921 - 03 - 07 වෙනි දින නාවලපිටිය නගරය ආශ්‍රය කරගෙන  ශාසනික සේවාව ආරම්භ කළහ.

ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කතුවරයෙක් 

         නාවලපිටිය වේළුවනාරාම විහාරස්ථානය  ආශ්‍රය කරගෙන ධර්ම ග්‍රන්ථ රාශියක් රචනා කොට ඇත. ඒවා අතර  දුසිරි මර්දනය, බෞද්ධ ප්‍රතිපත්ති දීපනිය, බෞද්ධ මාර්ග දර්ශනය, විහාරගම් පාලනය හා බුද්ධ නිතිය, අධිගම විනිශ්චය, සද්ධර්ම චින්තාමණි, කුසලාකුසල දීපනිය, නිවාරණ විවරණ, කථික ගුරුවරයා, අංක 1-2 පොත්, ඥාණලෝකය, දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, සහ නිරෝධ සත්‍යය වර්ණනාව යන ග්‍රන්ථ බෞද්ධ  බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට බෙහෙවින් පාත්‍ර වූ ග්‍රන්තයෝයි.


ආරාම පුජා 

               අතිගරු නායක මාහිමිපාණන් වහන්සේට ලක්දිව සතර දිබ්බාගයෙන් ආරාම පුජ ලැබුණු බවට සාධක ඇත. ඒවා අතර නාවලපිටිය වේළුවනාරාම මහා විහාරය, කටුගස්තොට ත්‍රි සිංහලරාමය, සීගිරියේ සිගිරි පබ්බතාරාමය, ලිදුලේ ශ්‍රී මහින්දාරාමය, සහ උලපනේ ඉසිපතනාරාමය යන විහාරස්ථාන ප්‍රධානත්වහිල සැළකෙයි. 


අධ්‍යාපනික සේවාව 
       
             නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසැල ආරම්භ කල උන්වහන්සේ ප්‍රදේශයේ දරු දැරියන්ගේ ඥානාලෝකය සදහා අප්‍රතිහත ධෛර්යයකින් ක්‍රියා කොට ඇත. ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම්  අධ්‍යාපනය පිළිබද අවධානය යොමු කළ උන්වහන්සේ  'ශ්‍රී සුගත ධර්මෝදය දහම් පාසැල' ආරම්භ කොට මහත් ඉමහත්  සේවාවක් ඉටු කොට ඇත. එකල  ශ්‍රී ලංකාවේ දක්ෂතම ශිෂ්‍ය ශිෂ්‍යාවන් බිහිකළ ප්‍රධාන පෙළේ දහම් පාසලක් වූ අතර වර්තමානයේද සිසු සිසුවියන් 800 කට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබන ප්‍රදේශයේ හොදම දහම් පාසැල බවට පත්ව ඇත. ප්‍රදේශයේ අධ්‍යාපනික කටුතු වලදී පාසල් ආරම්භ කිරීම සහ ඒවා දියුණු කිරීමෙහිලා පුරෝගාමීව ක්‍රියා කොට ඇත. 


ධර්ම කථිකත්වය 

                      කන්ද උඩරට පමණක් නොව සමස්ත ලංකාව පුරා ධර්ම දේශනා කිරීමෙහි නියෙලුනු උන් වහන්සේ ඇති දක්ෂ දෙසකයාණන් වහන්සේ නමකි. ඇති ගම්භිර පාඨයකින් දේසනා කරනු ලබන ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට සැදැහැති බෞද්ධ බැතිමතුන් අතිශයින් ප්‍රිය කරති. ගුවන්විදුලි ධර්ම දේසනා තුලින් උන්වහන්සේ එකල චිරප්‍රසිද්ධියට පත් වූ හිමිනමකි.


 මෙම ලිපිය පලවන වනවිට එනම් 2012 -03 -20 වනවිට උන්වහන්සේ අපවත් වී අවුරුදු 44 කි. අපවත් වූ දිනය 1968  මැයි 21

                                                                                                          සටහන
                                                                                                                                                             බලන්ගොඩ සමිත හිමි 


http://sri-kaweeshwara.blogspot.com/p/blog-page_8.html